‘ඡන්දෙ හරියට සුපිරි තරු තෝරන තරගයක් වගෙයි‘


‘අද අපි පාර්ලිමේන්තු මැතිවරණයක් අභිමුවේ. හැමෝම එක එක විධියට තමන්ගේ ප‍්‍රචාරක ක‍්‍රියාවලිය පවත්වාගෙන යනවා. කවුරු මොණවා කිව්වත් ලක්ෂ ගණනින් සල්ලි කුට්ට් තමයි මේව අතර තියෙන්නේ. හරියට සුපිරි තරු තෝරන තරඟයක් වගේ. කටවුට් දාලා, ඇඞ්වර්ටයිසින් ෆර්ම් වලට කියලා ලස්සන ෆොටෝ ගහලා, සින්දු හදලා, ඇත්තටම හරිම විනොදජනක විධියට තමයි වැඬේ යන්නේ. ජනතා පැතුම, ජනතාවගේ මිතුරා, රජුන් තැනූ පරපුරෙන් මැති සබයට, වගේ එක එක ආකාරයේ කියුම් තමයි හැම පැත්තෙන්ම අපට පේන්න තියෙන්නේ.‘ යි පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රිමක් අපේක්ෂක සුජිත් කුරුවිට මහතා කෑගල්ලේ දී කීවේය

‘මේ අස්සේ අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට සමාජයට ගේනවා සටන් පාඨයක්, එදා පවුල් - මෙදා හවුල් - රටම අවුල් - සැබෑ වෙනසක් - වමේ බලයක් කියලා. අපි කියනවා මේ රටේ ජනතාවට ඔය විකාර වලට අහුවෙන්න එපා කියලා. ඒ අස්සේ දැන් ටික ටික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළියට දානවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඉදිරියේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එලියට දැමීමට නියමිතයි. බොහෝ විට කියවලා බැලූවට පස්සේ මේ හැම කෙනාම මෙවර අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ අංශ ගැන තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල හරි ලස්සන කතා ලියලා තියෙනවා. ඒවාගේ සාහිත්‍ය හොඳයි. කියවගෙන යන්න ආසයි. හරියට කවි වගේ. සුන්දරයි.

ඒ නමුත් මේ එකකවත් නෑ. අධ්‍යාපනය හා සෞඛ්‍ය ප‍්‍රාග්ධන වුවමණාවන්ගෙන් වෙන් කරනවා කියලා. ඔච්චර වැල් වටරම්  ඕන නෑ. මහත්තයෝ අපි අහන්නේ කියන්න. අධ්‍යාපනයට සෞඛ්‍යට මිනිස්සුන්ට ගෙවන්න වෙන එක නවත්තනවද කියලා.

මේක තමයි මේ රටේ මින්ස්සුන්ට තියෙන ප‍්‍රශ්නෙ. ඒ නිසා වටේ යන්නැතිව සබ්ජෙක්ට් එකට එන්න කියලා අපි මේ සියලූ පක්ෂ වලට අභියෝග කරනවා. අපි දන්නවා. ඒ අභියෝගයට මෙයාල සූදානම් නෑ කියලා. ඒ නිසයි අපි මේ රටේ ජනතාවට කියන්නේ වෙනසක් නෑ. සැබෑ වෙනසක් වෙනුවන් කාගෙවත් බලයක් නෙවෙයි ජනතා බලයක් ගොඩනගමු කියලා.‘

 sujith-kuruwita