‘ඡන්දය දීමේ අපහසුතා මැකෝට ලියන්න‘


ආබාධිත අය සඳහා මෙන්ම ඇවිදීමේ අපහසුතා ඇති අයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ පහසුකම් සලසන බවත් එවැනි අය සිටීනම් තමාට ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (28) මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මැතිවරණය සම්බන්ධ විවිධ කාරණා ගැන කොමසාරිස්වරයා එහිදී දැනුවත් කිරීම් රැසක් සිදු කළේය.