‘ඡන්දය ඉවර වන තුරු අරලිය මැදුර පිරික්සන්න‘


අග්‍රමාත්‍ය කාර්යාලයය සහ අරලියගහ මන්දිරයේ පක්ෂ දේශපාලන කටයුතු සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා මැතිවරණ නිලධාරීන් යොදවන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඒ ගැන සොයා බැලීම සඳහා මහ මැතිවරණය අවසන්වන තුරු එම ස්ථානවල මැතිවරණ නිලධාරීන් නතර කර තබන්නේ නම් ඊට ද අවසර දිය හැකි බව අගමැතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබේ.

අග්‍රමාත්‍ය කාර්යාලයයේ සහ අරලියගහ මන්දිරයේ දේශපාලන කටයුතු සිදුවෙතියි ඇතැමුන් නඟන චෝදනාට පිළිතුරු වශයෙන් අග්‍රමාත්‍යවරයා ඉහත ඉල්ලීම කළේය.