‘ඡන්ද නීති හරි හරියට කඩයි ‘


අද පස්වරුව වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සහ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ පැමිණිලි 86ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ඒ අතර ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් අටක් ද ඇතැයි එම සංවිධානය පවසයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මහනුවර පැවැති රැලියට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට දී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, පාත දුම්බර එජාප එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල වීයැයි වාර්තා වූ බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.