විවිධ මන්ත්‍රිවරු පක්ෂ දෙක තුළ විවිධ චෝදනා කරන එක ඒ තරම් හොඳ දෙයක් නොවන බවත් දැන් කරන්න තිබෙන්නේ චෝදනා කරන එක නෙමෙයි එකට වැඩ කිරිම බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉරිදා (13) මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත් අතර අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
ජාතික රජයක් කරගෙන ඇමැති කම් දෙද්දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ අයටත් ඇමැතිකම් දෙන්න වෙනවා. ‘ජනාධිපති තුමා ගොඩාක් හිතල බලල තමා මේ ඇමැතිකම් දුන්නෙ. අඩුපාඩු කම් තියෙන්න පුළුවන් නමුත් ඉතිහාසයෙ දුෂණ චෝදනා තිබ්බ කියල චෝදනා වලට පමණක් කටයුතු කළ යුතු නෑ කියා මම විශ්වාස කරනවා‘ යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය.



