‘චෙන්නායි පරදවන වාණිජ නගරයක් හදනවා‘


ඉන්දියාවේ චෙන්නායි නගරයට වඩා විශාල ලෙස වට මුළු බස්නාහිර පළාතම එකම වාණිජ නගරයක් බවට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ලේරියාව, උමගිලිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලියකදී පැවසීය.

සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ කිසිම අගමැති අපේක්ෂකයකුගේ නමක්, රූපයක් නැති බවත් ඔවුන් මැතිවරණය දිනා ජනපතිවරයා එළවා දැමීමට උත්සාහ කරන බවත් මහජන ඡන්දයෙන් පත්වූ ජනපතිවරයකු එසේ එළවා දැමිය නොහැකි බවත් වික්‍රමසිංහ මහතා එහිදී කීවේය.

සන්ධානයේ මෙම ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ගේ අගමැතිවරයකු පැමිණියහොත් ජනපති හා අගමැති අතර ගැටුමක් හටගෙන රට අස්ථාවර විය හැකි බවත් එසේ නොවන්නට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සුරක්ෂිත කරන ලෙසත් අගමැතිවරයා රැලිය අමතමින් කියා සිටියේය.

DSC_0153 RDS_9757 RDS_9836