‘චීවරධාරීන් මා කුඩ්ඩකු කළා‘


‘අද සමහර භික්ෂූන් වහන්සේලා හිරගතවෙලා. තවත් පිරිසක් බුදුවෙලා, සමහරු රහත් වෙලා. ඔය වගේ විකාර කතා කියනවා. එහෙම හිමි කෙනෙක්ගේ ගෝලයෝ ටිකක් මගෙන් උදව් ඉල්ලාගෙන ආවා. මම කිව්වා මටත් රහත් වෙන්න ආසයි ඒ නිසා බුදුන්ට මෙහාට වඩින්න කියන්න කියා මා ඔවුනට දැන්වුවා. මේ අයට අපි කියන්නේ චීවරධාරීන් කියයි. සඟ සසුනේ වැරදි කරන භික්ෂූන් ගැන ක්‍රියාකිරීමට සංඝාධිකරණ දෙකක් පිහිටුවීමට තාම යෝජනා කළා පමණයි චීවරධාරීන් පිරිසක් මා කුඩ්ඩෙක් බවට පත් කළා.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා උඩහමුල්ලේ පැවැති උත්සවයක දී පැවැසීය.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාමාධිපති මීගහකුඹුර ධම්මගවේෂී හිමියන් පිළිගැනීම සඳහා පැවැති  උත්සවය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.