මෙරට ප්‍රදර්ශනයවූ දෙමළ චිත්‍රපට 17ක පැය දෙකයි විනාඩි විස්සක් වෙන්කර තිබුණේ සිගරට් හා අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා යැයි මත්පැන් හා දුම්වැටි තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඉන්දියාවේ නිෂ්පාදනය කළ මෙරට ප්‍රදර්ශනය වූ දමිළ චිත්‍රපට 18 ක් පිළිබඳව කළ සමීක්ෂණයකින් මේ තොරතුරු හෙළිවූ බව මත්පැන් හා දුම්කොළ තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති පුබුදු සුමනසේකර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

