‘චැනල් 4 දෙමළ විකෘති කරලා‘


"සිවිල් ජනයා කියුදේ විකෘති කිරීම බරපතළ වරදක්" තානාපති අම්සා  කියයි. 

පසුගිය අඟහරුවාදා යුරෝපීය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රදර්ශනය කළ  බ්‍රිතාන්‍ය චැනල් 4 මාධ්‍ය සමාගම ශ්‍රී ලංකාවේ යුද සමය අළලා නිෂ්පාදිත " අවි මුක්ථ කලාපය" චිත්‍රපට පිළිබඳව සිය බලවත් විරෝධතාවය පෙන්වා සිටි බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති පී.එම.අම්සා මහතා කියා සිටියේ එම චිත්‍රපටයේ ඇතුළත් සාමාන්‍ය ජනයා දෙමල භාෂාවෙන් කියා ඇති සමහර දේ නිෂ්පාදක වරුන් ඉදිරිපත්කිරීමට උත්සාහ කර ඇති අදහසට ගැලපෙන අන්දමට විකෘතිකර ඇති බවයි. එම චිත්‍රපට දර්ශනය අවසානයේදී පැවතී සාකච්ඡා වටයේදී මේ බව පැහැදිලි කරදීමට අම්සා මහතා කටයුතු කළේය.

මඩකලපුව ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණ අම්සා ම්හතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් ඉතා හොඳින් පරිශ්‍රීලනය කිරීමේ දක්ෂතාවයක් ඇති ඉහළ පෙලේ පරිපාලන නිලධාරියෙකි.

එහිදී විස්තර ගෙනහැර දක්වමින් තම අදහස් දැක්වූ ඒ මහතා එම චිතපටයේ යොදා තිබු කොටස්වල දෙමළ භාෂාවෙන් කතා කළ කිසිම කෙනෙක් " ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරයන්ට මුහුණ දුන් බවක්" කියා නැති බවත් චනල් 4 චිත්‍ර පටයේ උප සිරැසි මඟින් සහ පසුබිම් කථන මඟින් එම ප්‍රකාශ වැරදි ලෙසට පරිවර්තනය කර ඇති බවත් සාක්කි සහිතව පෙන්වා දුන්නේය.

" ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතාකරන ජන කොට්ඨාසයට අයත් මෙම චිත්‍රපටයේ දෙමළ භාෂාවෙන් කතාකරන සියලුම දෙනා කියන දේ හොඳින් තේරුම් ගන්නට පුළුවන්. කිලිනොච්චි රෝහල පිළිබඳව එක තැනක කියන්නේ " හමුදා රෝහල පැත්තට වෙඩි තිබ්බ" කියා වුවද චැනල් 4 චිතරපටයේ එම ප්‍රකාශය පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත්තේ " රජයේ හමුදා රෝහලට පහර දුන්නා" යැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව පිළිබඳව ද්වේශ සහගතව ක්‍රියාකරන සුළු පිරිසකගේ උවමනාවට නිෂ්පාදනය කර ඇති මෙවැනි හර සුන් චිත්‍රපට පෙන්වීම් මඟින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ හොඳ නම පළුදු කිරීම බව පැවසු අම්සා මහතා එම චිත්‍රපටයේ ඇති අනෙක අප්‍රමාන මුසාවාද පෙන්වාදීමට දෙමළ භාෂාව හොඳින් දන්නා තමන්ට හැකි බවද කියා සිටියේය.