ආරියරත්න රණබාහු
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂංග කරතෘවරයාව සිටි චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා අද අභාවප්‍රාප්ත විය.
මිය යන විට 66 වැනි වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.
කවියකු මෙන්ම නවකතාකරුවකු වූ ඒ මහතා පූජාසනය, භෂ්මාවශේෂ, සැනසුම සොයා, මගේ සඳ ඔබ, පිටුවහල් කළ මිනිසෙක්, දළබිඳුම ඇතුළු නවකතා පොත් 35ක් පමණ රචනා කර ඇති අතර පුවත්පත් විශේෂාංග රචනය නමින් අත්පොතක් ද රචනා කර ඇත.
දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතට ඔහු ලියූ ‘ඇසි දිසි මානය‘ කොළම පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූවකි.
උපාලි පුවත්පත් සමාගම ආරම්භයේ සිටම එහි සේවයට එක්වූ දොඩන්ගොඩ මහතා වසර 35ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම ගියද නිදහස් ලේඛකයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.
දේහය රාගම කුරුකුලාව අංක 48/5 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු (29) බ්‍රහස්පතින්දා පස්වරු 5ට කඩවත ඇල්දෙණිය පොදු සුසානභූමියේදී සිදු කෙරේ.
‘චන්දො‘ සමුගනී
Recommended Articles