චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ශ්‍රීලනිපයේ නායකත්වය දැරූ සමයේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳින් රැකුණු බවත්, තීන්දු තීරණ ගැනීමේ දී සැමට කන්දීමට තරම් නිහතමානී වූ බවත්, තමන්ගේ අඩුපාඩුවක් වී නම් එය පිළිගෙන නිවැරදි කර ගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනපති මේ බව පැවසුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම දින උත්සවය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
බණ්ඩාරනායක පවුල මේ රටේ සොරකම් නොකළ බවත්, වංචා දූෂණ සිදු නොකළ බවත්, බණ්ඩාරනායක පවුල රටට කළේ මොනවාදැයි අසන පිරිසට දිය හැකි හොඳම පිළිතුර එය බවත් ජනපති පැවසීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට කෝටටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි ද, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, දුමින්ද දිසානායක සහ එම් කේ ඩී එස් ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප ඒ එෆ් පී)









