විනීතා එම් ගමගේ
‘‘චන්ද්‍රිකා මැතිණිය 2004 කාලේ කළා වගේ ඕන නම් ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. ආණ්ඩුවක් පවර ගන්න බැහැ කියල 19 වැනි සංශෝධනයේ කොහෙවත් කියල නැහැ.’’ යැයි මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
එසේ පවරා ගැනීමට හැකි නීති නැත්නම් සම්ප‍්‍රදාය මඟින් හෝ කවර ක‍්‍රමයක් මඟින් හෝ එය කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරයාට ආණ්ඩුව යළි පවරා ගැනීමට බැරි කමක් නොව ඔහු කල්තබන බව පෙනී යන්නේ යැයි ද දිසානායක මහතා කීය.
විධායකය හා ආණ්ඩුව අතර නොගැලපීම් තිබීම නරක දෙයක් යැයි සමහරු කියතත් එය නරක දෙයක් නොවේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දෙපාර්ශවය හොදින් ගැලපුණා නම් මහ බැංකු අධිපති හා ජනාධිපති ගැලපී සිටින්නට ඉඩ තිබුණා නොවේ දැයි ප‍්‍රශ්න කළේය.
වීරකුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවැති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේ ද කීය.
‘‘රටේ අවශ්‍යතාවය දැකලා ජනාධිපති කවුරුවත් භාරගත්තේ නැති අභියෝගය භාර ගත්තා. විධායකයට විශ්වාස නම් ඒ ඇති. රට හරි තැනකට යා යුතුයැයි විශ්වාසය විධායකයට ඇත්නම් රටකට ඉදිරියට යා හැකියි. අවශ්‍ය වන්නේ ඒ විශ්වාසය පමණයි’’ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.