ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් බැහැ දැක අද (18) ආශිර්වාදය ලබාගත්තේය.
කොට්ටාව , රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානයේදී ආගමික වතාවත් පැවැත්වුණු අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී එල් පීරීස්, පාර්මේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන , ගාමිණි ලොකුගේ , සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද, පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප- ළහිරු හර්ෂණ )










