‘ගෝඨා ඒ චෝදනාවලට ගන්න බෑ‘


මිහින් ලංකා සමාගමට ගුවන් යානා නිදහස් කිරීම,පාවෙන අවි ගබඩාව, ගුවන් හමුදාවට  මිග් යානා මිලදී ගැනීම, ලංකා හොස්පිටල් ලිමිටඩ් කොටස් ගනුදෙනු ආදී පෙත්සමේ සම්බන්ධ චෝදනා හැර වෙනත් චෝදනාවන් ඇත්නම්, පෙත්සමේ වගඋත්තරකරුවන් හැර වෙනත් පාර්ශවයන්ට,  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනිම වළකාලමින් දුන් අතුරු  නියෝගය බලපැවැත්වෙන්නේ අදාල චෝදනාවන් සම්බන්ධයෙන් පමණක් බවද ‍ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.