(කාංචන කුමාර ආරියදාස)
ගොවීන්ට බෙදාදීම සඳහා රජය විසින් පිටරටවල් වලින් ගෙන්වූ කිරිදෙනුන්ගෙන් දෙනුන් 133 ක් මිය ගොස් ඇති බවත් එයින් 140ක් ගැබ් ගැනීමකින් තොරව සිටින දෙනුන් බවත් තවත් දෙනුන් 69 ක් ගැබ් ගැනීම් නොවන තත්ත්වයට පත්ව ඇති බවත් විගණන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
එමෙන්ම කිරි ගවයන් විදේශ රටවලින් ගෙන්වා ගොවීන්ට බෙදාදීම ව්‍යාපෘතිය යටතේ පසුගිය රජයේ සහ වර්තමාන රජයේ අතිවිශාල ජනතා මුදල් ප්‍රමාණයක් අවභාවිතා කර ඇතැයි විගණන වාර්තාවල සඳහන් වේ.
නැව් මඟින් මෙම ගවයින් හම්බන්තොට වරායට රැගෙනවිත් රිදියාගම නම් වූ ස්ථානයට කිලෝමීටර් 38 ක දුරක් ප්‍රවාහනය කිරීම සඳහා රජය විසින් රුපියල් තුන්කෝටි පනස් අට ලක්ෂ හැටනවදහස් දෙසිය අටක මුදලක් ගෙවා තිබේ.
එමෙන්ම රජයේ නිල ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් පන් ලක්ෂ හැට දහසක් පමණක් වියදම් යන බවද විගණන වාර්තාව පෙන්වමින් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.
මෙම විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කිරි ගවයින් ගෙන්වීමේ දී සිදුවූ අක්‍රමිකතා සහ රජයට සිදු වූ පාඩු පිළිබඳව විගණන වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ ද හෙළිදරව් කළේය.