ගෙදරට ගිහින් අඬගසා රැකියා දීමට තරම් සුදුසුකම් ඇති උපාධිධාරීන් විශාල පිරිසක් ගම්බදව සිටින බවත් ලක්ෂ ගණනින් රජයේ රැකියා ඇති කළ බව කියන පසුගිය රජය කරන බොරුවල ඇත්ත නැත්ත දැනගැනීමට ගම්වලට පැමිණ බලන ලෙසත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා රත්ගම පැවැති ජනහමුවකදී පැවසීය.
‘අපේ දින 100 පොරොන්දු අතර ජනතාවට ජීවත්වීමට සහන ලබාදීම හැර රැකියා ලබාදෙන බවට පොරොන්දුවී නැහැ. ඒත් මේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස සානුකම්පිතව බලලා මේ සුළු කාලය තුළ රැකියා කිහිපයක් හෝ ලබාදීමට හැකිවීම ගැන සතුටු වනවා‘ යැයිද කරුණාතිලක මහතා එහිදී කීවේය.

