ඉතාලියේ ෆිරෙන්සි නුවර සේවය කරන ජයන්ත උදයසිරි මහතාගේ බිරිඳත් දරු දෙදෙනාත් 231.1 මල්වතු හිරිපිටිය , බුත්පිටිය, ගම්පහ යන ලිපිනයෙ ජිවත් වෙති.
පසුගිය මැයි මාසයේ දී නිවසට පැන දරු දෙදෙනා සමග ජිවත්වන තම බිරිඳට දෙවරක් පහර දී තෙවරක්ම මරණ තර්ජන සිදුකළ බවත් පසුගිය 23 වෙනිදා නැවතත් තම බිරිදට පහරදීමෙන් ඇය රාගම රොහලට ඇතුළත් කළ බවත් උදයසිරි මහතා කියයි.
මේ පිලිබඳව මල්වතු හිරිපිටිය පොලිසියට ගොස් පැමිණිලි පහක් බවද කිසිදු පැමිණිල්ලක් විභාග නොකළ බව ද මේ වනවිට තමාගේ බිරිද හා දරු දෙදෙනා පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය නිසා තමාට ද නිදහසේ රෑකියාව කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බව ද ඒ මහතා පවසයි.
චාන්දනි දිලූකා ප්‍රනාන්දු පැමිණිලි පහක් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය කියයි.
23 වැනිදා පැමිණිලි කළ පැමිණිල්ල අනුව ඇයට රෝහල් ගත වීමට උපදෙස් දුන් බව ද පොලිසිය සඳහන් කරයි. පොලිසිය සාධාරණව හා අපක්ෂපාතීව පරීක්ෂණ කරන බව ද මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.