කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගුවන් හමුදාවෙන් සිදුවූ මෙහෙය කිසිවිටෙක අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවැති කැඩෙට් නිලධාරීන් අධිකාරීත්වයට පත්කිරීම හා පියාසර කැඩෙට් නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
තව දුරටත් අදහස් දක්වමින් ජනපති පැවසුවේ ගුවන් හමුදාවේ සේවාවන් වල තිබෙන්නා වූ ප‍්‍රමිතිය හා ගුණාත්මක භාවය පිළිබඳව තමා ඉතාමත් තෘප්තිමත් වන බවය.
මවුබිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් මෙන්ම ආබාධිත වූ රණවිරුවන් පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කළ ජනපති ගොඩබිම මෙන් අට ගුණයක් විශාලැති මෙරට මුහුදු සීමාවේ ද ආරක්ෂක කටයුතු වල නියැලෙමින් මුහුදු ප‍්‍රදේශ ආරක්ෂා කිරීමද ගුවන් හමුදාව අතින් වූ කාර්යක්ෂම සේවයක් බව කියා සිටියේය.
නව ගුවන් හමුදාපතිවරයාගෙන් ලැබෙන සහයෝගය සමග ඉදිරියේදීත් ගුවන් හමුදා නිලධාරීන් රටේ ජාතික ආරක්ෂාවේදී තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනු ලැබේයැයි තම විශ්වාසය බවද ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම සමග පහසුකම් ලබා දෙන බවට ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු විය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය






