‘ගුරුවරු ලෙඩ නිවාඩු දැම්මාට විභාගයට බාධාවක් නෑ‘


(දිල්රුක්ෂි ග්‍රේරු )
 
12 වැනි ශ්‍රේණියේ සිසුන්  සඳහා  අද (13) ඇරැඹු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව  විභාග කොමසාරිස් ජනරාල්  සනත් පුජිත මහතා පැවසීය.
 
අද  දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා  සේවයට වාර්තා නොකිරීමේ වර්ජනයක් ගෙන ගිය ද  අදාල විභාග රාජකාරී සඳහා යොදවා ඇති සියලු  ගුරුවරු මේ වන විට සේවයට වාර්තා කර ඇතැයිද කොමසාරිස්වරයා සඳහන් කළේය.
 
මේ වන විට විභාග මධ්‍යස්ථාන 655 කදී  විභාගය පැවැත්වෙන බවත්   කිසිදු  ගැටළුවකින් තොරව විභාගය ක්‍රියාත්මක වන බව කොමසාරිස්වරයා පැවසීය. විභාගය 18 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය.