(අංජුල මහික වීරරත්න)
දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ගිය ගුරු විදුහල්පති වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම බංකොලොත් වු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පැවැසීය.
දිවයිනේ පාසල් 10,147න් එකඳු පාසලක්වත් වැඩවර්ජනය නිසා වසා නොදැමුණු බව කී අමාත්‍යවරයා ස්ථාන කීපයක පමණ පාසල් අතලොස්සක පමණක් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතිනැයි ප්‍රකාශ කළේය.
රටේ දරු පරපුරේ අනාගතය ගැන සිතා පුහු වැඩ වර්ජන වලට පිටුපා පාසල් වලට පැමිණි විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට ස්තූතිය පළ කරන්නේ යැයි ද අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපනය සුරකින බව කියමින් වෘත්තිය සමිති මේ කරන්නේ රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීම බවද ඇමැතිවරයා කීය.