(රංජන් කස්තුරි)
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ධූරවලට කිසිදු බලපෑමක් සිදුනොවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.මොහොමඩ් මහතා පවසයි.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 115 වැනි වගන්තිය අනුව එක් මන්ත්‍රීවරයකු ගේ ධූරය අහෝසි වීම අනෙක් මන්ත්‍රීවරුන්ට බල නොපාන බව සඳහන්වන බවද මොහොමඩ් මහතා කියයි.

