ජනතාව විසින් විශ්‍රාම ගැන්වුණු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්නේ ලෝක ඉතිහාසයේ පළමු වැනි වරට යැයි ද, ගිරුවායේ කුරහන් සාටකය අමතක කර දැමූ මහින්ද කුරුණෑගලට පැමිණ දේශපාලන යාචකයකුගේ තත්ත්වයට ඇද වැටී ඇතැයි ද අගමැති රනිල් වික්‍රමසිං මහතා පඩුවස්නුවර හෙට්ටිපොල දී කීවේය.
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය ලබන බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිත බව ද අගමැති සඳහන් කළේය.





