එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කරනවාදැයි තවම තීරණයක් ගෙන නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ලංකා තරුණ සංවිධානය කොළඹ පදනම් ආයතනයේ අද සංවිධානය කළ මාධ්‍ය හමුවක් අවසන්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී පැමිණි ඇය පැවසුවේ සන්ධානයේ නාමයෝජතා අත්සන් කිරීමට ගිය නිසා ප්‍රමාද වූ බවයි. එසේ වුවත් නාමයෝජනා අත්සන් නොකළ බව ද ඇය කීවාය.


