මහින්ද රාජපක්ෂ රජය ගෙන ගිය ජාතිවාදය අවුස්සන, රටට අහිතකර දේශපාලන ව්‍යාපෘති තීරණාත්මක ලෙස පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා හෝ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණේ නම් අද මෛත්‍රිපාල සිරිසේන මහතාට අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (16) ජවිපෙ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අද ශ්‍රීලනිපය මෙහෙයවන්නේ මධ්‍යම කාරක සභාවකින් නොවේ. දේශපාලනිකව නන්නත්තාරවූ කුඩා කල්ලියක් විසින්. සිදුවෙමින් පවතින්නේ ජනවාරි 8 වැනිදා ලබාදුන් ජනවරම මුළුමනින්ම අංශක 180කින් ආපසු හැරවීමක්. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි නමුත් පසුව හෝ ජනපති ප්‍රකාශයක් කරමින් ජනවරම සමග සිටගන්නට තීරණය කිරීම අගය කරනවා‘



