‘ගිය ආණ්ඩුව කුඩුකාරයන් ඔඩොක්කුවේ දාගත්තා‘


මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලනවායැයි කියමින් පසුගිය ආණ්ඩු සමයේ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ඒකාධිකාරය දේශපාලන හිතවතුන් අතට පත් කිරීම බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.

පුණරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතැයි ද, ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන්නේයැයි ද ඔහු පවසයි.