‘ගවයාගෙනුත් මී උණ‘


ජලභීතිකාව සහ මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බව  වසංගතය රෝග විද්‍යා ඒකකය පවසයි.

මී උණ  පතුරුවන  ලෙප්ටෝ පයිරෝසිස් නැමැති විෂභිජකාරක ශ්‍රී ලංකාවේ  ගවයින්ගේ ද සිරුරේ ද ඇතැයි අනාවරණය වී  ඇති  බැවින්  එම මාංශ ආහාරයට ගැනීමෙන්  මී උණ ආසාදනය විය හැකි යැයිද  වසංගත රෝග විද්‍යා  ඒකකය සඳහන් කරයි.

සත්ව නිශ්පාදකයන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු වී මෙම අවදානම් තත්වය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කැර ඇතැයි වසංගත රෝග  විද්‍යා ඒකකයේ  අධ්‍යක්ෂිකා සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ  විද්‍යායතනයේ සභාපතිනි වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.