ස්ලාම් රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් අන්තවාදීන් ස්ලාම් ධර්මයට තර්ජනයක් බවත්, එම කණ්ඩායමේ ක්‍රියා කළාපය ශරියා නීතියට හා මානව හිමිකම් නීති උල්ලංඝණය කරන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවමින් කියයි.
සිරියා සටන් බිමේ දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකික (ගලේවෙල) අයි එස් සටන්කරුගේ මරණය මාධ්‍ය මගින් දැනගැනීමෙන් පසුව තම කවුන්සිලය බලවත් සේ මවිත වූ බවත් එහි සභාපති එම් එන් අමීන් මහතා පවසයි.
කරුණාව හා සාධාරණත්වය මුල්කරගෙන බිහි වූ ස්ලාම් ධර්මය අහිංසක ජීවිත නැති කිරීම මුළුමනින්ම තහනම් කරයි.
ත්‍රස්තවාදය හෝ හිංසනය මගින් අපරාධ කිරීමට තම ආගමේ කිසිම ඉඩත් නැති බවත් අයිඑස්අයිඑස් කණ්ඩායම හා එහි නායක අබු බැග්ඩාඩිගේ ක්‍රියා කලාපය හෙළා දැකීමට ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් ලෝව පුරා සිටින ස්ලාම් උගතුන් හා නායකයන් සමඟ එක් වන බව ද අමීන් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් රජයෙන් ගන්නා පරීක්ෂණයකට හෝ ක්‍රියාමාර්ගයකට තම සංවිධානයේ සහාය ලැබෙන බව ද ඔහු කියයි.

