(විනීතා එම් ගමගේ)
බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කිරීමට නම් විශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු බෝතලයක මිල ද ඉහළ දමන ලෙස තමන් යෝජනා කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අයවැයෙන් මත්පැන්, දුම්වැටි, බීර, වයින්, දුමකොළ, සහ බීඩි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය තමන් අගයකරන බව ද අමාත්‍යවරයා කීය.
ගම්බද ජනතාව අනවබෝධයෙන් වැඩි වශයෙන් ගල් අරක්කු පානය කරන බවත් එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වන බැවින් වැලැක්වීම සඳහා මිල ඉහළ දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අන්තර් අමාත්‍යංශ කමිටුවක් හදා ඇතැයි කී අමාත්‍යවරයා බෝ නොවන රෝග වැළැක්වීමේ කටයුත්ත සඳහා ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුව ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
වැඩිහිටියන්ට බෝ නොවන රෝගවලින් වැළැකීම පිළිබඳ අවවාද ලබා දෙනවා ට වඩා දරුවන් දැනුවත් කිරීම පහසු බවත් ඒ කෙරෙහි අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පාසැල් ආපන ශාලා 150 කට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තිබිය හැකි ආහාර වර්ග සඳහන් කොට යවා ඇතැයි කීය. එය අනෙක් පාසැල් ආපන ශාලාවල ද ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

