‘ගල් අඟුරු වංචාව ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න‘- පාඨලී


(ඩයනා උදයංගනී)

එකම සමාගමක් හරහා වංචනික ලෙස ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් 2009 සිට 2016 දක්වා කාලයේදී මහ බැංකු බැඳුම්කරය මෙන් කිහිප ගුණයක වංචාවක් සිදුවී ඇති බවත්, විශේෂ බලැති ජනාධිපති කොමිසමක් වහාම පත්කර ඒ ගැන සොයා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම ගල් අඟුරු වංචාව පිළිබඳ නිකුත් වී ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු මත කොමිසම හරහා සොයා බැලිය හැකි බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තමන් සතු සියලූ කරුණු කොමිසමට ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

මෙම වංචාවෙන් ප‍්‍රතිලාභ ලැබූ නිලධාරීන්, දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අති විශාල පිරිසක් සිටින අතර විදුලි බිල හරහා දෙකෝටියක් ජනතාව අදටත් මෙයින් දුක් වි`දින බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (13ෙ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.