විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලඥයින් නැවත රටේ “ජාතිවාදය ඇවිස්සීමට කැසකවනවා” යයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා විලච්චිය පේමඩුවේදී පැවසීය.
“කොටියා නැගිටලා” මහින්ද නැගිට්ටවන්න දඟලපු ගම්මන්පිල, වීරවංශලා අද නැවත රටේ ජාතිවාදය අවුස්සන්න දඟලනවා. මං දැක්කා අර ගම්මන්පිල ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡා තිය තියා රට බෙදන්න දඟලනවා. දැන් ඔය ගම්මන්පිල මහත්තයාගේ පක්ෂය අර පිවිතුරු හෙළ උරුමය ඒ පක්ෂේ නායකයා ගම්මන්පිල, ලේකම් ගම්මන්පිල, කැඳවුම්කරු ගම්මන්පිල. ඒ මදිවට මාධ්‍ය ප්‍රකාශකත් ගම්මන්පිල. ගම්මන්පිල මහත්තයා මහින්ද පෙන්නලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ගොඩ වුණා. එයාගේ තියෙන්නේ අමුතු දේශපාලන ප්‍රතිපත්තියක්. නංගි පෙන්නලා අක්කව දෙන්නෙ එයා. කාගෙ හරි පිහිටෙන් පාර්ලිමේන්තුවට ගිහින් යහපාලනය අවුල් කරන්න දඟලනවා. ඇයි මෙහෙම කරන්නේ? රට ගොඩ නගන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වෑයම් කරන කොට ආණ්ඩුවේ ඉන්න ඈයින්ටත් මේ හාදයා ගින්දර දීලා අමනාපකම් ඇති කරවන්න දඟලනවා. රටේ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරමින් හැසිරෙනවා. දැන් රටේ ජනතාව දැනගන්න ඕනෑ මේ පුද්ගලයා කවුද කියලා.‘‘ යැයිද අමාත්‍යවරයා කීවේය.




