පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පරාජයවීමට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පරාජයවීමට හේතුව තමන් බවට ඇතැමුන් නගන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි ද, එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
පරාජිත අපේක්ෂකයන් තම පරාජය වසාගැනීම සදහා තමන්ට මෙම චෝදනා කරමින් සිටින බවත් තමන් පරාජය වූ විට අනෙකාට චෝදනා කිරීම නිවටකමක් බවත් ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

