‘ඛේමා’ බිසව වෙලා සබීතා අඬපු තරමක්


SAN_6160  

 

අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙදී සිටියාය. ඒ රංගනය සීමා කළේ සිනමා තිරයට පමණක්ම නොවීය. රූපවාහිනී තිරයේදීද අපූර්ව රංගනයන් වෙතින් දැක ගත හැකිවිය. නමුත් පසුගිය කාලයේදී ඇය වෙතින් දක්නට ලැබුණේ සීමා සහිත වූ රංගනයක් පමණි. එනම් ඇය රංගනයට දායක වූයේ කලාතුරකිනි. නමුත් මේ දිනවල ඇය නැවතත් මාතෘකාවක් බවට පත්ව සිටින්නීය. සනත් අබේසේකරගේ අධ්‍යක්‍ෂණයෙන්, සුනිල් ටී ප‍්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය මේ දිනවල තිරගතවීම ඊට හේතුවය. එහි ”ඛේමා” බිසවගේ චරිතයට දායක වූ ”සබීතා” සඳැල්ල පිළිසඳරට එක්වූ අයුරුයි මේ. 

 

SAN_6176


buttonසබීතා කොහොමද ජීවිතය? 

සාමාන්‍ය විදියට හොඳින් ගෙවෙනවා.

 


button මොන විදියටද?
බිරිඳක, මවක ලෙස වගේම ගෘහණියක ලෙස කළයුතු කටයුතු ගැන උනන්දු වෙනවා. විශේෂයෙන්ම පුතාගේ අධ්‍යාපන කටයුතුවලට සතියේ දිනවල සහයෝගය ලබා දෙනවා. එයාට දැන් වයස අවුරුදු 15 යි. 10 වසරෙ ඉගෙනුම ලබන්නෙ. එයා ඉගෙනීම් කටයුතු හොඳින්, ආසාවෙන් කරගෙන යනවා. 

 


button කලා කටයුතුවලට එයා ආසා නැද්ද?
චිත‍්‍රපට නැරඹීමට, ගීත ශ‍්‍රවණයට හරිම ආසයි. ඇත්තටම එයා ඒ සියලූ දේවල් සමබරව කරගෙන යනවා. අපට තියෙන්නෙ ඒ සියල්ල අධීක්‍ෂණය කරන්න විතරයි. 

 


button මේ හැර ඔබ දැන් ව්‍යාපාර කටයුතුවලටත් වැඩිපුර දායක වෙනවා නේද? 
සමහර වෙලාවට සැමියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කාර්ය බහුලවන අවස්ථා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා වෙන්වූ ඞී.පී. ජයසිංහ ෆයිලින් සමාගම තව නොබෝ දිනකින් විවෘත වෙනවා. ඉතින් ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සැමියාට උදව් වෙනවා. 

 


button මේ සියලූ දේ වෙනුවෙන් සැමියාට ඔබ උදව් වුවත්, නිරන්තරයෙන්ම විදේශ සංචාරවල යෙදෙනවා නේද?
අධ්‍යාපන කටයුතු නිසා පුතාට විවේකයක් තිබුණේම නැහැ. එයාට මාස දෙකක විතර නිවාඩුවක් තිබුණා. මගේ නංගි පදිංචි වෙලා සිටින්නේ ටොරොන්ටෝවල. ඒ ගිය ගමන් සැමියා මම, පුතා ඇමරිකාවෙත් සංචාරය කළා. ඊට පෙර සම්මාන උළෙලකට සහභාගීවීම සඳහා ගියා.

 


button අපි අහලා තියෙන විදියට කොහොමටත් ඔබ සංචාරවලට ආසයි නේද? 
ඇත්තටම ආසයි. 

 


button හේතුව? 
පසුගිය කාලයේ කාර්යබහුල වෙලා හිටියෙ. දැන් පුතා, සැමියා සහ මම නිවාඩුවක් ලැබුනු විගස කරන්නෙ සංචාරයේ යෙදෙන එකයි. දැන් අපි ඒකට පුරුදු වෙලා. ලෝකයේ බොහෝ දේ ගැන දැන ගන්න, නරඹන්න අපි හරිම කැමතියි. 

 


button අන්තිමට ඔබ රඟපෑ සිනමා නිර්මාණය වුණේ ”අබා”. දැන් නැවතත් ”මහරජ අජාසත්” සමග. ඇයි එච්චර කාලයක් රඟනොපා හිටියේ?
”අබා” චිත‍්‍රපටයට පසුව ටෙලිනාට්‍ය කීපයකම රංගනයට ආරාධනා ලැබුණා. නමුත් ඒවාට දායකවන කාලය ගැන ප‍්‍රශ්න තිබුණා. මොකද බොහෝ දුර බැහැර ගිහින් කාලය ගත කිරීම අසීරු වූ නිසා. තිරගතවීමට නියමිත ”ඇඩ‍්‍රස් නෑ” චිත‍්‍රපටයට දායක වුණේ එය කොළඹදී රූගත කළ නිසයි. නමුත් අජාසත් චිත‍්‍රපටයේ චරිතය තෝරා ගත්තෙ එය ජාතක කතා පොතේ ඇතුළත් කතාවක් වූ නිසයි. ඒ අනුව තමයි මේ චිත‍්‍රපට ප‍්‍රතිනිර්මාණය වුණේ. ”ඛේමා” බිසව ගැන අපි අහලා-කියවලා තිබුනා. අද මේ සමාජයේ අජාසත්තලා වැඩියි. එදා ඒ අජාසත්ත කතාවේ විදියටම සිදුවීම් නොවුණත් අදටත් මේ කතාව ගැලපෙන බව මගේ හැඟීමයි. 

 

SAN_6306

 


button ”ඛේමා” බිසවගේ චරිතය ගැන හිතන්නෙ කොහොමද? 
ඒ කතාව ඇත්තටම බුදුන් දවස කතාවක්. ඛේමා බිසව බුදුන් සරණ ගිය කාන්තාවක්. ජීවමාන බුදුන් දැකීම යනු අපට හීනයකින්වත් හිතන්න බැරි තරම් දෙයක්. ඇත්තටම එවැනි චරිතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමට ලැබීමම එක අතකට වාසනාවක්. ඒ නිසා ඒ චරිතය වෙනුවෙන් මම මගේ උපරිමය කළා. නමුත් තීරණය පේ‍්‍රක්‍ෂකයින් අතේ තිබෙන්නෙ. ඇත්තටම මගේ සිනමා ගමනේ තවත් අත්දැකීමක් ලද චරිතයක් ඛේමා බිසව. 

 


button මේ විදියට හෝ රඟපානවාට සැමියා කැමතිද?
මේ චිත‍්‍රපටය පුතා සහ සැමියා දෙදෙනාම නැරඹුවා. ඒ දෙන්නාම හරිම කැමතියි. අද පරම්පරාව පවා කැමති බව මම තේරුම් ගත්තෙ, පුතාට එයාගෙ යාළුවෝ එක්තත් මේ චිත‍්‍රපටය නැවත නරඹන්න ආසයි කිව්ව නිසයි. මුලදීත් මම කිව්වෙ ඒකයි මෙය කාලීනව අදටත් ගැලපෙන බව. 

 


button මෙහි රඟපෑමට ගොස් සිටියදී, එක් රූගත කිරීමක් අවසන ඔබ කඳුළු සැලූවා කියලත් ආරංචියි?
එක් දර්ශන රූගත කිරීමකදී පුතා තාත්තාව සිර කරන්න කියලා කියනවා. ඇයි ඔයා තාත්තාට මේ වගේ දෙයක් කළේ රට වැසියෝ ඒකට කැමති නැහැ, කියලා මම කියනවා. එතකොට පුතා මෑණියෝ වහාම එළියට යන්න කියනවා. ඒ රූගත පෙළ හරිම තාත්විකයි.” මට ඇස් දෙකට කඳුළු ආවා. දර්ශනය අවසන මම දර්ශන තලයෙන් ඉවතට යද්දී ගීතා කාන්ති ශිල්පිනිය මෙය දුටුවා. ”ඇයි මේ ඇස්වල කඳුළු කියලා එයා ඇහුවා” නෑ නෑ මොනවත් නිසා නෙවෙයි, ඒ සීන් එක නිසයි කියලා මම ඇයට කිව්වා. ඇත්තටම අද කාලයේ සමහර පුතාලා අම්මලාxතාත්තලාට සලකන විදිය අපට අහන්න, දකින්න ලැබෙද්දී මේ වගේ කතා වෙතින් ආදර්ශයක් ගන්න පුළුවනි. 

sadun-gamage