‘කෝටි 675 ක සමෘද්ධි අරමුදල ගැන පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න‘ - එස් බී



( ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )


සමෘද්ධි අරමුදලේ  අතුරුදන් වී ඇති බවට  අගමැතිවරයා චෝදනා කරන රුපියල් කෝටි 675 පිළිබඳ ව විධිමත් සමුපුර්ණ පරීක්සනයක් කර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.


 රුපියල් කෝටි 675 ක් නොව ශත675 ක් පිළිබඳ සියලු වගකීම් තමා බාර ගන්නා බවත්   කී දිසානායක මහතා  ඒ පිළිබව  විශේෂ ප්‍රකාශක් කරමින් මේ පිළිබඳව පැවසීය.


අගමැතිතුමා පසුගිය මැයිදිනයේදී  කියලා තිබුණා  සමෘද්ධි   මුදල් කෝටි  රුපියල් 675 ක් අතුරුදන් වෙලා කියලා . කෝටි 675 ක් නොවේ  ශත 675 ක් හරි වංචා වෙලා තියෙනවානම් ඒක බරපතල වරදක්.


 මම ඒ විෂයභාර ඇමැතිවරයා ලෙස ඉතාම වගකීමෙන්  කියන්න කැමැතියි මේ කාරණය වෙන කාගේවත් පිට මා පටවන්නේ නැහැ. මෙහි වගකීම මම බාරගන්නවා.


 එහෙම ප්‍රශ්නයක් තියෙනවානම් මං අගමැතිතුමාට කාරුණිකව කියනවා  ඒ ගැන පරීක්ෂණයක් කර නීතිමය  කටයුතු කරන්න ඒ වගකීම ගන්න මම කැමතියි.