‘කොළඹ වරායේ ඇති ග්ලයිෆොසෙට් තොගයේ ප්‍රමිතිය හෙළි කරන්න ‘



( සුජිත්හේවා ජුලිගේ )
 
 පිට කිරීමට   සුදානම්  කොළඹ වරායේ  ගොඩ ගසා ඇති  මෙට්‍රික් ටොන් 30,000 ක් ග්ලයිෆොසෙට්  තොගයේ  අඩංගු සංඝටක හා  ප්‍රමිතිය වහා රටට  හෙළි කරන්නැයි  දැනුම් දෙමින්   කොළඹ වරාය අධිකාරියේ හා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන්ට  අද (14) ලිපියක් යොමු  කළ බව   පාර්ලිමේන්තු මන්ත්‍රී රතුරලියේ රතන හිමියෝ පැවසුහ.
 
 මෙම ග්ලයිෆොසෙට්   තොගයේ  ඇති විස රසායන සංඝටක මොනවාදැයි  මෙතෙක් කිසිදු  වාර්තාවක් ඉදිරිපත් වී නැතියිද උන්වහන්සේ කීහ.
මෙම ග්ලයිෆෝසෙට් තොගය වරායට පැමිණි පසු  රජය තේ, රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බවක්  කී  රතන හිමියෝ   කැකිරාවේ පුද්ගලයකු හා තවත් පුද්ගලයින් කිහිප දෙනකු  මෙම ග්ලයිෆොසෙට්  ගෙන්වීමට සම්බන්ධ වී සිටින  බවද පැවසීය.