‘කොළඹ ඉපැරණි ගොඩනැගිලිවලට අත තැබීම තහනම්‘


කොළඹ නගරයේ ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගයට හානි වන අයුරින් වෙනස්කම් කළහොත් ඊට එරෙහිව හෙට (31) සිට වහා නීතිමය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) කොළඹ කොටුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට ඒ මොහොතේම උපදෙස් දෙමින් අගමැතිවරයා කීවේ අද සිට අවිධිමත් ලෙස පෞරාණික ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම නතර කරන ලෙසයි. ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, කොටුව ශාන්ත පීතර දේවස්ථානය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රේගු ගොඩනැගිල්ල, විදේශ අමාත්‍යංශයේ කන්සියුලර් අංශය සහිත ගොඩනැගිල්ල ඇතුළු යටත් විජිත සමයේ මෙරට ඉදිකළ ගොඩනැගිලි රාශියක් අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

PMcolombo_2015830pic4 PMcolombo_2015830pic3 PMcolombo_2015830pic1 PMcolombo_2015830pic2

 

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා