‘කොහුවල රථවාහන තදබදයට විසඳුමක්‘


(යොහාන් භාසුර)

රුපියල් කෝටි 21 ක් වැය කරමින් කොහුවල පාමංකඩ මාර්ගයේ ඉදිකරන ‘පාමංකඩ නව පාලම’ ඉදිකිරීමෙන් පසුව පාමංකඩ - ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවතේ දෙපසටම රථ වාහන ධාවනය කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාර්ගය පටුවීම නිසා මේ වන විට එක් දිශාවකට පමණක් රථවාහන ධාවනය කරන බවත් පාමංකඩ - ශ්‍රී සම්බුද්ධ ජයන්ති - ඩබ්ලිව්. ඒ. සිල්වා යන පාරවල් හරහා වැල්ලවත්ත දක්වා මාර්ගය මංතීරු හතරක් යටතේ පුළුල් කිරීමේ දැනට පවතින මාර්ග තදබදය අවම වනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.