‘කොරෝනාවෙන් මිය ගිය බොහෝ අය කිසිදු එන්නතක් ලබාගෙන නෑ'


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5340 න් 5000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

ඊන් පුද්ගලයන්ගෙන් 177 දෙනකු පමණක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතැයි ද එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු ද මරණයට පත්වූ අය අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබියදී මරණයට පත්වූ පුද්ගලයන්ට වෙනත් රෝගයක් හෝ කීපයක් තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.