ශ්‍රි ලංකා රජයේ ආයතනයක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම අවි ආයුධ මිලදී ගෙන විකිණිමේ සිද්ධිය ගැන සොයනවා මිස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැන නොසොයන බව බරපතල වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසමේ සහාපති විනිසුරු ප්‍රිතී පද්මන් සුරසේන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
ගාලු වරායේ තිබු අවි නැව පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ වන විට රහස් පොලිසිය , මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අවස්ථා තුනකදී ප්‍රශ්න කර ඇති හෙයින් එම කරුණු පිළිබඳව කොමිසම හමුවේදීත් ප්‍රශ්න නොකරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි අනිල් සිල්වා සහ ජනාධිපති නිතිඥ අලි සබ්රි යන මහත්වරුන් ඉල්ලා සිටි අවස්ථාවේදී කොමිසමේ සභාපති විනිසුරුවරයා මේ බව දැනුම් දුන්නේය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති සුරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි,ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පි.ඒ.පද්මතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පරික්ෂණ කොමිසම රැස් වු අවස්ථාවේදී එහි සාක්කි විභාග කිරිමට පෙර කොමිසමේ අධිකරණ බලය පිළිබඳ මුලික විරෝධතාවයක් එක් කිරිමට අවශ්‍ය බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරු දැනුම් දුන්හ.
රක්නා ලංකා සමාගමේ සිදු වී ඇතැයි කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අතර එහි අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගමේ තුවක්කු ප්‍රශ්නය පිළිබඳව රහස් පොලිසිය පරික්ෂණයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කළ යුතු බව නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි කීවේය.
ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා කරුණු ඉදිරිපත් කරමින් ගාලු වරායේ අවි නැව පිළිබඳව රහස් පොලිසිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වැනි ආයතන තුනක් තම සේවාදායකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇතැයි පැවසුවේය.
ආයුධ ගැන රහස් පොලිසිය කළ පරික්ෂණ පිළීබඳව නිතිපතිවරයා තීරණය ගෙන ඇති හෙයින් ඒ පිළිබඳව විමසිමට කොමිසමට බලයක් නැතැයි ද එමෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ
“ හයිකොප් ” ආයතනයෙන් මිලදී ගෙන වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව යුදාධිකරණය හමුවේ නඩු පවරා ඒ චෝදනාවට ඔහු වරදකරු කර දඩුවම් නියම කළ පසු ඔහුට එරෙහිව චෝදනාව එකම මහාධීකරණය හමුවේ නිතිපතිවරයා විසින් නඩු පවරනු ලැබු විට එය විභාග කළ හිටපු මහාධීකරණ විනිසුරු අනිල් රාජපක්ෂ මහතා එකම චෝදනාව යටතේ එකම පුද්ගලයකුට එරෙහි අධිකරණ දෙකක නඩු පැවරිමට හැකියාවක් නැති බව පවසමින් මහාධිකරණය හමුවේ පවරනු ලැබු නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කළේය.
රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම අමතමින් රක්නා ලංකා ආරක්ෂක අවි ආයුධ මිලදී ගෙන විකුණුවේ කෙසේ දැයි පමණක් මෙම කොමිසම විමර්ශනය කරනු ලබන නමුත් ඇවන්ගාඩ් පිළිබඳ සෙවිමට තමන්ට අදහසක් නැතැයි කීවේය.
දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල අධිකරණ බලය පිළිබඳ ඇති විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයටම දැනුම් දුන්නේය.
(විනිසුරු මඩුල්ල - වමේ සිට දකුණට : මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා, කොමිසමේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, විකුම් කළුආරච්චි මහතා, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ.පද්මතිලක මහතා, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා)






