වැඩසටහන මෙහෙයවද්දී ලලිත් කොතලාවලගේ ආරක්ෂකයන් කොතලාවල අපහසුතාවයට පත්වන ප්‍රශ්න නොඇසිය යුතු බවට තමාට තර්ජනය කළ බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහන පිළිබඳ සිදුකළ සාකච්ඡාවකදී පැවසීය.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශයවූ සත්‍යාගාරය වැඩසටහන බ්‍රහස්පතින්දා නිමාවිය. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සන්නස්ගල මහතා කීවේ තමාට මාධ්‍යවේදියකු වශයෙන් මර බිය දැනුණේ එම සිදුවීමේදී බවයි.
වීඩියෝ දර්ශන - ස්වාධීන රූපවාහිනිය අනුග්‍රහයෙනි

