‘කොටුව දුම්රිය පොළේ ආපන ශාලාව මාස 4ක් වහලා‘


කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පවත්වාගෙන ගිය දුම්රිය ආපන ශාලාව වසා දැමීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 246ක පාඩුවක් සිදුවී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

භෝජනාගාර සේවයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට රුපියල් ලක්ෂ 41ක පමණ මුදලක් ලැබෙන අතර ඉකුත් අප්‍රේල් මාසයේ සිට එම සේවය වසා දමා ඇතැයි එම සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් දුම්රිය මගීන් ද දැඩි පීඩාවට පත්ව සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී විතානගේ මහතා පැවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් මෙලෙස අහිමි කර ගැනීමෙන් දෙපාර්තමේන්තුව වාර්ෂිකව  ලබන පාඩුව තවත් වැඩි වන බව කී ලේකම්වරයා එම පාඩුව අවම කරගැනීම සදහා දුම්රිය පාලනාධිකාරිය   නිසි ක්‍රියාමාර්ග නොගැනීම කණගාටුවට කරුණක් බව ද සඳහන් කරයි.