නාලක සංජීව දහනායක
එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවන්නේ නම් ආණ්ඩුවට බදු නොගෙවා සීටීමට ජනතාව සාමූහිකව තීරණය කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (20) පැවසීය.
දෙමළ ඊළම වෙනුවෙන් රටම ලේ විළක් කළ ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමෙන් රට තුළ සහජීවනය ඇති නොවන බවද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
විකාර කතා කියන, විකාර වැඩ කරන ඇමැතිවරු දැන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අහිංසක ජනතාවගේ බදු මුදල් ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් වෙනුවෙන් වන්දි වශයෙන් ගෙවන්න හදනවා. මේ වගේ වැඩක් වෙන්නේ ලෝකයේ පළමු වතාවටයි. සාමාන්‍යයෙන් මෙහෙම තීන්දුවක් ගන්න පුළුවන් මොලේ අමාරුවක් තියෙන ආණ්ඩුවකට විතරයි. තමන්ගේ රාජ්‍ය බෙදා වෙන්කිරීමට හෝ වෙනත් කරුණක් වෙනුවෙන් සටන කර මරණයටපත් වූ ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් වන්දි ගෙවන්න ලෝකයේ කිසිම රටක් තීරණය කරන්නේ නැහැ.
එවැනි ක‍්‍රියා මඟින් සහජීවනය ඇතිවෙන්නේ නැහැ. නැවතත් අවි ආයුධ අතට ගන්න දෙමළ දරුවන් පෙළඹවීමක් මෙම වන්දි දීමේ ක‍්‍රියාවෙන් සිදුවෙනවා. ත‍්‍රස්තවාදීන්ට වන්දි දෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ පෞද්ගලික බූදලයෙන් නෙවෙයි. මේ වන්දි දෙන්නේ අහිංසක ජනතාවගේ බදු මුදලින්. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන්, සාලාව අවි ගබඩාව පුපුරා යෑමෙන් අවතැන් වූ මිනිසුන්ට තවමත් නියම වන්දි ලැබිලා නැහැ. ඒත් දළදා මාළිගාවට බෝම්බ ගහපු, දේශපාලන නායකයන් ඝාතනය කළ, රට ලේ විළක් කළ ත‍්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන්නේ මොකටද?
දෙමළ ඊළම වෙනුවෙන් සටන් කළ ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවානම් ජනාධිපති හා අගමැතිවරයාත් ඒ බෙඳුම්වාදී ව්‍යාපාරයටම අයිති චරිත දෙකක් බව අපිට හිතන්න වෙනවා. ගොවි ජනතාව හූල්ලනවා, ආර්ථිකය කඩා වැටිලා, තමන්ගේ ව්‍යාපාර වැහෙන්න නොදී පවත්වාගෙන යෑමේ අභියෝගයකට අද ව්‍යාපාරිකයන් මුහුණ දීලා.
මේ ආර්ථික ප‍්‍රශ්න වලට පිළිතුරු නොදෙන ආණ්ඩුව තමන් බලයට ගේන්න උදව් කළ දෙමළ ඩයස් පොරාව සතුටු කරන්න එල්.ටී.ටී.ඊ පවුල්වල සාමාජිකයන්ට වන්දි ගෙවන්න හදනවා. එක්කේ මේ ආණ්ඩුවට මොළේ අමාරුවක් හැදිලා නැත්නම් කොටි ආවේස වෙලා.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

