1998 සැප්තැම්බර 29 වැනි දා කොටි සංවිධානයේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වුණු ඇන්ටනෝව් 24 වර්ගයේ ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් අතර තිබී ගොඩ ගත් ඇඳුම් කොටස් 72ක් විද්‍යානුකූලව පිරිසිදු කර ලබන 11 වැනි දා සහ 12 වැනි දා යාපනයේ නගර සභා ක්‍රීඩාංගනයේ දී මියගිය අයගේ ඥාතීන්ට ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පොලිසිය කියයි.
එදිනට පානදුර අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න දසනායක, රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අසංග කරවිට මහත්වරු ද සහභාගී වීමට නියමිතය.
ලයන් එයාර් ගුවන් යානයේ ගමන් කළ සියලු දෙනාගේ ඥාතීන්ට හා මිය ගිය අය ගැනතොරතුරු දන්නා අයට වෙතොත් ඔවුනට ද , කොටි සංවිධානයේ මිලේචත්වය දැන ගැනීමට අවශ්‍ය සියලු දෙනාට ද එහි පැමිණෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඇරැයුම් කරයි.