යුද සමයේදී කොටි සංවිධානය කළ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු විහඬ සංවිධානය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් බාරදුන්නේය.
අද පෙරවරුවේ කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ල බාරදුන් එම සංවිධානය කියා සිටියේ ත්‍රස්තවාදී කටයුතු හා බැඳුණු අපරාධවලට සම්බන්ධ බව ප්‍රකාශයට පත් කළ සංවිධාන 16ක් හා පුද්ගලයන් 424 දෙනකුට එරෙහි විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලි කළ බවයි.
රජය ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාවට දැක්වූවා මෙන් උනන්දුවෙන් තමන් කළ පැමිණිල්ල පිළිබඳවද සොයා බලන ලෙසද ඔවුහු පැවසූහ.


