දුරස්ථ පාලකයකින් ගුවන්ගත කළ හැකි කැමරාවක් සහිත කුඩා යානයක් අහංගම නාකන්දේ ගෙවත්තකට වැටී ඇතැයි පොලිසිය කියයි. තටු හතරක් සහිත මේ උපකරණය ගුවන් ඡායාරූප ගැනීමටත් විවාහ මංගල ඡායාරූප ගැනීමටත් ඡායාරූප ශිල්පීන් බහුලව භාවිතා කරයි.
මෙම යානය හිමිකරු නාකන්දේම පදිංචි පුද්ගලයකු බවත් කඩා වැටුණු ද්‍රෝන් කැමරාව පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට රැගෙන ආ බවත් පොලිසිය කියයි.


