නුගේගොඩ, හයිලෙවල් පාරේ කුරුල්ලන් වෙළඳාම් කරන්නේදැයි සොයා බැලීමට වැටලීම් කරන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇසල පොහොය දා නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් කුරුල්ලන් විකුණන බව එසැණ බදාදා හෙළි කළේය. කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩුවක සිර කර පාරේ යන එන අයට විකුණන බව එසැණ වාර්තා කළේය.
ඒ ගැන පොලිස්පතිට දැනුම් දීමෙන් පසු වැටලීම් කිරීමට උපදෙස් දී ඇතැයි පොලිසිය පවසයි.
නීතිය සමච්චලයට ලක් කරමින් මේ ආකාරයෙන් සිදුකරන වෙළඳාම පොලිස් නිලධරයන්ගේ ඇස් වසා සිදුකරනු එසැණ කැමරාවට හසුවිය.
කුරුල්ලන් මිලදී ගැනීමට එන තැනැත්තකුට කුරුල්ලකු අලෙවි කළේ කඩදාසි බෑගයක දමා වෙළඳපොළෙන් හාල් සීනි ගන්නා ආකාරයටය.

