‘කුරාණයට අපහාස කරලා‘


බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත්‍යංශයේ මුස්ලිම් ආගමික අංශ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

ඔහු එසේ කියනුයේ ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය සම්බන්ධයෙන් වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කරමිනි.

කොම්පඤ්ඤවීදියේ නූර්දීන් මොහොමඩ් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව ඥානසාර හිමියනට එරෙහිව මේ විභාගය පැවැත්වේ.