‘කුමාර් ළඟ පාස්පෝට් තිබුණාදැයි කියන්න බැහැ‘


නම් හතරකින් පෙනී සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් වෑන්රියකින් සඳුදා රත්‍රී 9.30 ට පමණ දෙමටගොඩට ගෙනවුත් දමා ඇති බවත්, එතැන් සිට ඔහු දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පයින් ගොස් ඇති බවත්, ඔහු රැගෙන ආ අය පිළිබඳ තොරතුරු නොදන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගල ගැන කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවද පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ‘ප්‍රේමකුමාර් ගුණරත්නම්ට තවත් නම් තුනක්  තිබෙනවා. දස්කොන් වන්නිආරච්චි, දයාලාල් රත්නායක, නොයෙල් මුදලිගේ.  ගුණරත්නම් දෙමටගොඩට එන විට ගමන් බලපත්‍රයක් තිබුණේදැයි යන කාරණය ගැන කරුණු තවම හෙළි කළ නොහැකි බවත්, ඔහු වෙනුවෙන් කටුනායක විශේෂ ආරක්ෂාවක් නොතිබූ බවත්, අද උදේ ඔහු පිටත්ව ගිය බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.