ඉවත දමන ප්ලාස්ටික්වලින් වීදුරු කෑලිවලින් කොයි තරම් විප්ලවයක් කරන්න පුළුවන්ද යන්න අපේ අය නොදන්නා බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
අද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේ මහ ඇමැතිවරයා මේ බව කීවේය.
රටේ ජනතාවට විදුලිය කාබනික පොහොර මෙන්ම ඩීසල් පවා නිෂ්පාදනය කළ හැකි බවත් ඉවත දමන කුණු වලින් එවැනි නිෂ්පාදන කරන තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන බවත් මහ ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.




