ශ්‍රී ලංකාවට මත් පෙති, මත් කුඩු, මත්ද්‍රව්‍ය ගෙන්වන අලෙවි කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ ගැන සංවාදයක් අද සිට රටේ ඇති කිරීමට තමා යෝජනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පිළිබිඹු කෙරෙන ජනමතය සැලකිල්ලට ගෙන ඉදිරි පියවර ගන්නා බව ද කීවේය.
ආණ්ඩු කරන විට පින් කරනවා වගේම පව්වලටත් දායක වීමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.
ජනපති මේ අදහස් පළ කළේ ලෝක දුම්කොළ විරෝධී දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







