‘කුඩු ව්‍යාපාරය නතර කරන්න නීති සම්පාදනය කරනවා’


(අංජුල  මහික වීරරත්න)
 
අපරාධ වැඩිවීමට මූලික හේතුවක් වු කුඩු ව්‍යාපාරය නතර කිරීමට නව නීති සම්පාදනය කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (10) පැවසීය.                           
බන්ධනාගාරයේ සිට අපරාධ මෙහෙයුම් සහ කුඩු ව්‍යාපාර නතර කිරීම සඳහා පොලිසියට සහ හමුදාවට බන්ධනාගාරය තුළ වැටලීම් කිරීමට අවස්ථාව දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා බොහෝ අපරාධකරුවන් ඇණවුම් කරන “ඊෂි කෑෂ්” ක්‍රමය ඉදිරියේදී නතර කිරීමට සිදුවනු ඇති බවද කීය.                            
වර්තමානයේදී පාතාලයට රාජ්‍ය ආශිර්වාදය නොලැබෙන අතර සුදු වෑන් යුගයේදී රජයේ නිල පාතාල කල්ලි සිටි බව අමතක කළ යුතු නැතැයි පැවසීය.                             

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි